Song Lyrics ♪
කාටත් හොරෙන් ලියන්නම් තනි නිසදැස්
මේ කතාවෙ පාලුවත් එක්ක මමයි තාම හිතවත්
සමාජෙ කොනක යාතිකාව විසලත්
මේ මනුසතා උබයි බුදු රුවනක වරලත්
සමජෙ කොනක මම ගෙතුවෙ පද වැල්
මේ අම්මා තමා මල් වත්ත හිතෙ උඩ තැන ගත්
හරි තැනින් පටන් ගන්න මුල් දුන්නත්
එයා තමා තනි කලෙ පර වෙලා කතවත්
ඇස් වල දුක් නතු කාථාව මං කියන්නම් හොරහින්
මට මමද ලස්සන මතක සෑහෙන්න තවම
එකල මගෙ ලගින් ඉදින් කත තමයි පෙම්බර
අවාසනවකට මුල පිරුවෙ නිසැක
මගෙ කතාවෙ අද හිඩැස් පාලුවක්
ගින්දර දුකක් අම්මෙ එදා උබ මගෙ යාලුවත්
තරහක් නෑ නොකියම මෙමට පිටු පෑවමත්
අරලිය මලක් මං සොහොනෙ දුරුයි උබෙ පාලුවත්
රෑ අහසෙ බොද උනෙමයි සිත්තම්
මේ ජීවිත කතාව ආසයි ලියන්න මං ගෙත්තං
හිත් පත්ලේ ගිනි දැල්නං සෙල්ලං
ඇසුවයි වසයි විසම මානුසීය සමයං
වසයි විසයි විසම මිනිසුන්ගෙ කතයි
සමයි තමයි බුදු රුවනටත් ගථා
අම්මයි මමයි සම්බන්දේ ගොඩක් නවා
ඈ තමයි හිතේ තාමත් කකියන මාතා
දෑස් වලින් මං බලන්නෙ බං හරි කෝනෙ
ජිවිතෙ යථාර්තෙ පිනිසමයි නිසි අවබෝදේ
හරි ගස්සන්නෙ වැරදි මගෙ යන පාරෙ
ඇස් වල දුක් නතුයි කතාවක නං බං අවසානෙ
සැදි පැහැදි කතාවට සිල්
හොයන්නෙ මස්
පස්සට දැම්මත් අන්සතුයි කලාවට පිං ලියන්නෙ වැල්
බලා හිදිං අවසානෙ ලග හිදිනු වස්
පෙම්බර කත අම්ම තමයි ජිවිතේම පුද ලත්
අන්සතු දේවල් මගෙ ලෝකෙ කරත් සැර සරදම්
වස්සන වැසි සැඩ වෙයිද ඇනුම් කන පොලොවට
සිංහල විචාරෙ එලිසම ගැලපුවෙත් අද
කියන්න කනකට හොරෙන් මිත්‍යා මායම්
අදුරු මතක ගොඩයි හීන අස්සෙ වැජබූ
මේ කලාව මතමයි මගෙ පාදෙ මම තැබූ
පදයෙන් සැනසු කිරි රසයෙන් තෙත් වූ
කවියක් නං කතාව මගෙ අම්ම තමයි කතෘ
රෑ අහසෙ බොද උනෙමයි සිත්තම්
මේ ජීවිත කතාව ආසයි ලියන්න මං ගෙත්තං
හිත් පත්ලේ ගිනි දැල්නං සෙල්ලං
ඇසුවයි වසයි විසම මානුසීය සමයං
වසයි විසයි විසම මිනිසුන්ගෙ කතයි
සමයි තමයි බුදු රුවනටත් ගථා
අම්මයි මමයි සම්බන්දේ ගොඩක් නවා
ඈ තමයි හිතේ තාමත් කකියන මාතා..