Skoopy Dopper - Kolaba Hadaya (Official)

 





️ ලේසි වුනේ නෑ දකින්න ඉන්න චරිත තුනයි එකෙක් සංජු කිව්වා dopper එක්ක ඉන්නේ ඒ මමයි අහන උඹල හට දෙකයි චරිත පැටලිලා නටයි මාව මං අදිද්දි මාගේ අනෙක් චරිතේ මාව මකයි ගන්න වෙන්නේ මටයි මගේ චරිතේ එක්ක පලි ඇයි හිතන්නේ දැන් පලක් නොවෙයි අතීත බලි අවංක නැති උනොත් තමයි අදින්නේ මංම මගේ වලිය මැස්සො සේරම අපි නේද සමානයිලු ලෝකෙ ගලිය අතීත වර්ෂ කාල කොපමණක්ද මා සොයාපු මාව මා දකිද්දි සතුටු ලෝකයා ගැනයි දැකාපු නෑ අවශ්‍ය සතුට විශ්වයාට ස්තූතියි රැකපු යන් එපා අදින්න තේරුණාම මතක මකපු බෝවෙලා මිනිස්සු දැක්කේ නෑ හැදිච්ච රෝගෙ උන් නිසාද මං නිසාද හංගගත්තේ ශෝකේ ජීවයක් සොයාන විශ්වෙ පා වුණාට ප්‍රාණ මාව මං තලාපෙලා දමාපු වාර අප්‍රමාණ නෑ ප්‍රමාණ... වෙන්කරේ කොහොමද මිරිදියෙන් කරදිය උඩට යන අතුනම් පමනක් උරදිය ගෙවිලා කාලේ ගෙවෙන්නෙ මෙ කාලේ ගෙවුනත් කාලෙ ගානක් නෑනෙ අකාලේ... වෙන්කරෙ කොහොමද මිරිදියෙන් කරදිය උඩට යන අතුනම් පමණක් උරදිය ගෙවිල කාලේ ගෙවෙන්නේ මේ කාලේ ගෙවුනත් කාලෙ ගානක් නෑනෙ අකාලේ... උපමාවට නෑ සමාන වෙන්නේ උදාහරණය නිහතමානී අවංකකමයි ආභරණය දුටුවන් වශී කරයි තමන් කැමති වර්ණය නිසොල්මන් ගමනින් ඇවිත් රැගෙන යයි මරණය සරන්නේ පියාසර අවකාශ තරණයේ අවදියෙන් පසු මම ඉන්නෙ මගේ තරගේ මත් වුනු බඹරු නැටුවත් එළි පපරේ පෙරිලා අවසානයේ හැංගෙනවා දඟරේ පිච්චු පිළිස්සු අතට පලි අනෙකා පිලිස්සුණු අතට වරද තමන් අතෙනං අතට ගත්තු ආයුධ තමන් පැත්තට කර්මය අල්ලස් ගන්නව දැක්කා ඇත්තට තුන්වෙනි කෝනේ හොයන්න බෑ ත්‍රිකෝණේ ජීවමාන විශ්වෙ ලෝකයාගේ ගෝල රෝදේ පේළියක් පේළියක් කියා දුන්නේ ඇත්ත බෝදේ ඉන්න ඕනෙ දැන් කියා දුන්න මේ මොහොතේ මීදුම කාර්තු ගසා ගියා කාලයෙන් පිනවන් සවන් සුවයෙන් තියා තාලයෙන් මැනපු කාලෙ ඉවරයි මිනිසා මාලයෙන් ඇදලා ගන්නෙ දෙපයින් කැ#@ සාලයෙන් වෙන්කරේ කොහොමද මිරිදියෙන් කරදිය උඩට යන අතුනම් පමණක් උරදිය ගෙවිලා කාලේ ගෙවෙන්නෙ මෙ කාලේ ගෙවුනත් කාලේ ගානක් නෑනෙ අකාලේ වෙන්කරේ කොහොමද මිරිදියෙන් කරදිය උඩට යන අතුනම් පමණක් උරදිය ගෙවිල කාලේ ගෙවෙන්නේ මේ කාලේ ගෙවුනත් කාලෙ ගානක් නෑනේ අකාලේ... (Skoopy dopper වෙනම level එකක් )