King Lotuss x Lil Rome Praba x Tikx Kooda - Awadhiyen Saha Romen [Official ]

 

Lotaaa ආයුබෝවන් මාගෙ අත පුරවයි ආසි හේරු උන්ගෙ කයිය මේරු වැඩ නොමේරූ කිහිපදෙනයි ඉන්නෙ වරදෙදි මාව බේරූ මං දොරක් මගෙ ලිමිට් කියල දුන්නෙ සරණේරූ අවසර සභා ගර්බෙන් ශ්‍රී ලංකික තමා වර්ගේ මමනම් පලමුව සොබා ධර්මේ අසලකින් තබා කර්මේ කියාදෙයි ප්‍රබා ධර්මේ ඔව් කියයි ප්‍රබා ධර්මේ වෙනස දනී තැඹිලියි වෑවරයි මං කිව්වොත් කිව්වා ඈවරයි දෑවරයි තුන් ඈවරයි ලිව්වොත් ලිව්වා ලියපුව ගෙන හැර පෑ වගයි අත්ත මුත්ත කාලෙදිවත් අහල තියෙද මෙහෙම rhyme නියමයි තමාව එන ලොකුම බිය තමාටම එන බියමයි ඒකත් නියමයි උපන් මරණ සහතික දෙක එකම කඩදාසියමයි මාරයි කිව්වට මාරයා වෙන්නෙත් පංච කල්‍යාණියමයි සංගීතෙන් කන් වැටලීම මරිසියෙන්ම ඉන්න ගියොත් වෙන්නෙ ඇතුලෙ පැටලීම සදාකාලිකයි වගේ පෙනුනට තාවකාලිකයි බදාම හයි උනාම ගලවනෝ සැටලීම Tikx kooda ගහක් හින්දා පාවේ හිත නිදහසේ වැඩි උනාම විකාරෙන් වගෙ සාමෙන් අවදියෙන් සහ රෝමෙන් මියදෙන්න කියා ආමෙන්.// Preba බොරු හිටෙව්වා පැල කරා සෙල්ලම අල කරා ගෙදර යන්න පැට්‍රල් නෑ පිම්බයි ඇල කරා අපි ගැන ගෝතයො බොරු මාධ්‍ය පල කරා දූශණ නඩුවේ විත්තියේ නෝනා බල කරා රැපට කරපු දෙයක් නෑ කියන්නෙ බොරුමයි මගෙ සෙල්ලම මගෙ උන්ට උරුමයි හුඩ් එකේ කල්ල තෝනි උං හිටපු ගෙයක් නෑ අපිට වෙච්ච දේ කියලා පොතක් ලිවුවා පොතට වෙච්ච දෙයක් නෑ දැක්ක හීන මර මුසුයි ටෝක් ඇටයි ඉරමුසුයි එදා වගේ නෙමේ ප්‍රභා ආය ආවා රසමුසුයි එපා කරන් නෑ රැප් මං රැපාලට මොකටද මං රිද්දන්නේ මං වඩන් හදපු බබාලට මගේ ආයුශත් අරං ජීවත් වෙන්නෝනා ඒ පැටවු මීබෙටි තල කරලා උඩ පයිනවා මී පැටවු නයගරා ගැන කියනවා දැකලා නෑ දුංහිද නමට නයි ගමම කයි දෙපත් නයි නිර්විශ මම යාලුවා උබේ නෙමෙයි තාත්තගේ මම හෙවුවෙම නිතරම සාර්ථකේ රැප් සීතලයි මම උනා කාශ්ටකේ උබේ හදහනේ මම ඒ රාශ්ටකේ වෙජිටේරියන් උං කිවුවා හොදිශෝක් වැරදි වහගන්න උඩිං ඇද්දා පොටි කෝඩ් පොලිසියෙන් අඬලා පහුවදාට ගුටි ශෝක් ජීවිතේ පැරදිලා සෙල්ලමේ ලොරි ටෝක් Hook ගහක් හින්දා පාවේ හිත නිදහසේ වැඩි උනාම විකාරෙන් වගෙ සාමෙන් අවදියෙන් සහ රෝමෙන් මියදෙන්න කියා ආමෙන්.//