King Lotuss - Asammatha [Official Music]


Lyrics RHYTHM නුඹෙ උණූහුමටයි මං ආසා කළේ ඇයි කළු පාටින් විතරක් පාට කළේ මගෙ සැනසීමටයි නුඹ බාධා කළේ මම වැරදි නම් නෑ මම වාද කළේ දුක යන්නන් නිවසෙ සීනු නාද කළේ නුඹෙයි මගෙයි තියෙන්නෙ එකම පාට කළේ වැනසීමටයි සාද කළේ නුඹ හරි දැන් වරද මෙමාද කලේ දණ ගහල වැදපු කාලෙ නෑ මතක මම ආස වැදිල ඉද්දි තනි වෙන්න පොඩි කාලෙ මතක වල කිමිදෙන්න පියෙකුට බැරි උනෙ ඇයි කිරි දෙන්න ගෙදරින් නොකන බතේ මට අහුවෙල ඇති ගල් කැටනම් ඕනතරම් එල්ලී නුඹගෙ අතේ ගියකාලෙ නෑ මතක දුක කීම මෝඩ කමක් හිනාවුනේ මිනිස්සු වටේ ඇද්ද හිනාව නෑ මතක ඒ වෙන්නත් නෑ නේ ඕනකමක් ලොකු විදවීමක් හිතේ ස්ත්‍රීන් විශ්වාස නොකරමි මතු කෝම කරත් දිවි නසා ගන්න නෙමෙයි මැරෙන්න තමා මම ආස පවුලකට නෙවෙයි තනියම ඉන්නයි ආස සැමවිට උත්සහා කළේ සැගවීමට මේ රහස ක්ෂිතිජය මවා පෑමකි එක පවුලෙ නමුත් නුඹ පොලොව නම් මම වෙමි අහස නුඹ පොලොව නම් මම වෙන්නම් අහස අද කාලේ මිනිස්සු අඩන හේතු දුටිමි ඒ කදුළු අපරාදේ මම බාලේ සිට මම දනිමි නැවත හමුනොවන පෙමක් මුණ ගැහුනි අයාලේ දෙවියනි මට කියපං වරද කුමක්ද මේ මාගේ මගෙ අම්ම වගේ සෙනෙහසක් ලොකු කලක සිට සෙව්වෙමි ලැබෙන්නෑ එය ආයේ යාලුවෝ හාදු දෙයි උගෙ මවගෙ නලලට උඹල අහස් ගව්වෙ මම වැටුනෙ වලකට තව හමුවුනෙ නැත කෙනෙක් හැකි සම කළ පැනේ අසම්මත පෙම් සුදුසුද මවකට පාසලේ මට මතකයි ගොඩක් ළමුන් විහිළු කළා දෝශාරෝපණ කළා එක ටීච කෙනෙක් පන්තිය මැද අම්ම ගැන කියල මගෙ දෑස කදුලු කළා මූනටම කියල අසරණ ළමය කියල ඇත්ත මුන් විසින් මා කොනට කළා ඒ අතින් තාත්තා රත්තරං එයා පුළුවන් විදියට මාවයි මල්ලිවයි සතුටු කළා මගෙ අතිනුත් එවැනි ශික්ෂාව කැඩෙනව ඇති එවිට සිත බය නුඹවගේ කියාවිද කියල යම් කිසි කෙනෙක් යම් තැනකදී මම ඇර කෙනෙකු කියපං අම්ම වැනී නුඹට ණය ගැතී නමුත් ඇයි පිය සෙනෙහස නුඹට උනෙ මදී කියපං මවුනි හමුවෙන්නෙපා මට ආය කිසිම හේතුවක් උඩ සසරෙදි මම අම්මට ආදරෙයි සෑහෙන්න ඔය එකෙක්වත් දන්නෑ අම්මගෙ අගේ අහසයි පොළොවයි එකට ගෑවෙන්න සිතමි මම දකිමි දයිනිකව හිසරදේ වෙන කතකට බෑ ඈ වෙන්න ඇගෙ උණුහුම හොයලා සිතට දැඩි වදේ නුඹ ගෙයි නෑ නේද රෑ වෙන්න තනිකමටයි ලොකු පුතා ගියෙ හදේ මතකයන් නිති හඩයි අමතක නුඹෙ හඩයි අදවගෙ මතකයි අම්මේ ඔයා සාරියට හරි හැඩයි හීන දකිනවා කලබල වෙනවා කොල්ලෙක්ට අම්මාව නැති උනොතින් ඌ අසරණ වෙනවා මතකයන් නිති හඩයි අමතක නුඹෙ හඩයි අදවගෙ මතකයි අම්මේ