Keefa X Catcher - Madi Morala (මදි මෝරලා) | Official Music

 

1st Verse එපා අදින්න කකුලෙන් මට තවත් නෑ තැන් වැටෙන්න ඔයා මදි මෝරලා රැපෙන් මේ මගෙත් එක්ක ගැටෙන්න කන් පිනවන ගමන් ඇඟ හිරිවැටෙන්න මං වදං අහසට විසිකලා බිම වැටෙන්න කූඩුවේ ඉන්න කුරුල්ලා හිතන්නේ තටු ගහලා පියඹන් යන එක ලෙඩක්ලූ හෙන වැල් බයිලා ගහලා උගේ කයිවාරු අහාපු ඌම කියනවා ඌ මරු හෙඩක් ලූ බාල මැටීරියල් වලින් බඩු හදලා මාකටින් පාර ගහන්නේ වගේ හයිප්‍රඩක්ට් ලූ නැති වැරදි දහසක් කිව්වත් අපි කල හොඳ දන්නේ ඉන්න ටික දෙනාගෙත් අඩක්ලූ බලන්න රස වදං කන් පිනවන අන්දම දෙන්නම් වට වෙලා අදින්න වචන පන්දම රැපයි මමයි වගේ යකඩෙට කාන්දම ඉතින් හැරෙන්නවත් බැරි උඹලටයි මාන්දම හිතින් පතනවා ආවඩ හොඳ හිත විතරයි පැතුවේ නැ පාවඩ දැන දැන රවට්ටන්න දඟලන්නෙ කාවද බඩ ගාන උඹ හෙව්වේ පියාඹන මාවද ඩෝ 1st Hook වාසි හොයන් ගියේ නෑ පැත්තට බොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තට අකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපේ කැමැත්තට දාර කඳන් කැපෙයිද කැත්තට මේවා කියන්නේ ගේම වනසන හැත්තට පජාත මල්සිංදු නෙවෙයිනේ යාලු ඕනේ සැර වදං විතරයි මේකේ පැවැත්මට 2nd Verse මොකද වෙන්නෙ දැන් ගැන්ග්ස්ට හෝමිස් බොලා හොරු වෙද්දි කොල්ලො මම රැපට පොලිස් මේ කට වෙන්නැ මොට්ට,මගේ වෙන්නෙම පොලිශ් මගේ වදං ඩීල් වලින් තමයි ගලන්නෙ කොමිස් හෙන්ඩුවට මෙල්ල නැති ඕන ඇතෙක් වඳිනවා දැක්ක තැන ගසට මදාරා අසමත් බං සාපෙළ මං,උඹලට සාප වෙන්නේ ආපු නිසයි වචන හදාරා ලැබුනත් මව් පදවි වැඩක් ද තමන් විසින් මැරුවොතින් තම කුසින්ම වදාලා වැදූ නොනමුදු මේ ලෝකේ උතුම් අම්මලා ඉඳී දුක විඳන් දරුවෝ හදාලා ගිනි තියලා මුලින්ම ගිනි තියපු එකාම අරන් දුවගෙන එනවා බාල්දි සල්ලි අහසින් වැටෙනවනම් ඇඳ මිඳුලට අරන් වටෙන් තියාගනිවි බාල්දි හැබැයි ඌට විතරක් තනියෙන් බදා ගන්න ඕනි නිසා කඩනවා අනුන්ගේ බාල්දි ඕවා ඕන තරම් දැක්කා හැබැයි කියන්න ගිහිල්ලා තමයි පෙරලුනේ අපිට බාල්දි ඉන්ටවල් එකටවත් එලියට ආපු නැති උන් බලපන්කෝ දෙන බර ටෝක් ෆොටෝ දාන්නේ බෝතල් ගනන් පාටිවල මුන්ගේ,හැබැයි බෝතල් මූඩි පෑගුනාමත් ඩෝප් බාල අංශේ වැඩ ගැලපෙන්නෑ බං ලොකු අයට ඉතිං යාලු මොනාද මේ ජෝක්ස් අඩෝ මගේ කටේ තියෙනකම් පන, මගේ තැන ගන්න එපා කවුරුත් තියාගන්න හෝප්ස් 2nd Hook වාසි හොයන් ගියේ නෑ පැත්තට බොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තට අකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපේ කැමැත්තට දාර කඳන් කැපෙයිද කැත්තට මේවා කියන්නේ ගේම වනසන හැත්තට පජාත මල්සිංදු නෙවෙයිනේ යාලු ඕනේ සැර වදං විතරයි මේකේ පැවැත්මට 3rd verse දැං ඉන්න ගෝතයෝ තමයි මේ සෙල්ලම විසක් කලේ එකම පිටපත කවුරුවත් නෑ වෙනස් කලේ මම මේ සක්වලේ නෙවෙයි පිට සක්වලේ රැපෙන් සැප දීපු තැන් වල නෑ හිඩසක් කලේ උඹලා කූඹි මගේ රෑලම කඩි කහා දැල්ලෙන් තප්පරේට දෙකට කාලක්ම අදී ඉඳන් ලඟින් ඕම කරලත් මදී තග දැම්මොත් වම් අත පෙන්නලා තලන්නේ කන් අඩි මුහුදු හුළඟට ඉතින් ලොකු යකඩ දිරේ සුදු පාටින් ගිල්ල දාට බෙල්ල පැත්තට කිරේ ඩිල්ලා අපි දාපු සැපෙන් මතක තියේ වෙලාව ආවා පාටයි මටයි බහින්න අරින්න තිරේ දැම්මෙ නෑ පත්තරේට කොල්ලා මංගල කිංකිණි සැපට ලිව්ව වදන් රටේ හතර වටේ විකිණී කලින් ගේමට ආපු ඔක්කොටොම හි#නි මුන්ගේ කලිසම් ගලවලා පෝලිම් කරලා අන්දන්න ඕන බිකිනි 3rd Hook වාසි හොයන් ගියේ නෑ පැත්තට බොරුව කැපෙද්දි ඉඩ ලැබෙයි ඇත්තට අකමැත්තෙන් උනත් පිලිගනින් යාලුවා මේ සෙල්ලම දුවන්නේ අපේ කැමැත්තට දාර කඳන් කැපෙයිද කැත්තට මේවා කියන්නේ ගේම වනසන හැත්තට පජාත මල්සිංදු නෙවෙයිනේ යාලු ඕනේ සැර වදං විතරයි මේකේ පැවැත්මට//